මෙරට පවතින නීති රාමුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ මැතිවරණ නීතියේ පවතින ඇතැම් අඩුපාඩුත් හේතුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීමට බාධා මතුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
සුපිළිපන් නව දේශපාලන සංස්කෘතියක් සඳහා යෝජිත නිර්දේශ ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ නායකයන් වෙත පිළිගැන්වීමේ ජාතික උලෙළ අද (06දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවති උත්සවය අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇති වරප්‍රසාදවලට අමතරව තවත් වරප්‍රසාද සඳහා අනුමැතිය ලබාදීමට තමා එකඟ නොවන්නේ, ජනතා මුදල් ඉසිලිය නොහැකි ආකාරයෙන් වියදම් කිරීම තමන් අනුමත නොකරන නිසා බවත් සඳහන් කළේය.