ගාල්ල දිස්ත්‍රික්කයේ 2019 වර්ෂයේ යල කන්නයේදි වු වි වගාහානි සදහා වන්දිමුදල් වශයෙන් රුපියල් කොටි 09ක මුදලක් මේ වනවිට ගෙවා ඇති බැව් කෘෂිරක්ෂණ මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක උපාලි වික්‍රමසිංහ මහතා පැවසිය.
මෙකි වන්දි මුදල් මේ වනවිට ගොවින්ගේ බැංකුගිණුම්වලට ගිණුම්ගතකොට ඇති බව ද කෘෂිරක්ෂණ මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
ගොවිජන සේවා මධ්‍යස්ථාන 27ක ගොවින් 3000ක් සදහා මෙම වන්දි මුදල් රජය මගින් ලබාදි ඇති බව පවසන කෘෂිරක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂකවරයා අක්කරයක් සදහා පුර්ණහානි වශයෙන් රුපියල් 40,000ක මුදලක් වන්දි වශයෙන් ලබාදෙන බවද පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කය තුළ 2019 යල කන්නයේ දි කුඹුරු අක්කර 3900ක් ගංවතුර හේතුවෙන් හානියට පත්ව තිබුණි. මේ දක්වා සියලු කන්නවල වගාහානි සදහා ගොවින්ට වන්දිමුදල් ගෙවා ඇති බවත් ගොවින් දිස්ත්‍රික්කය තුළ අනුමත වගා කාලසටහනට අනුව වගා කටයුතු සිදුකරන්නේ නම් වගාවන් මෙවැනි හානිදායක තත්ත්වයට පත්නොවන බවද කෘෂිරක්ෂණ මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරයා පවසයි. දිස්ත්‍රික්කයේ අනුමත වගාකාලසටහනට පිටින් වගා කටයුතු කරණ කිසිදු ගොවියෙකුට ඉදිරි කන්නවලදි වන්දි මුදල් ලබා නොදෙන බවද හෙතෙම පවසයි.
රජය මගින් ගොවින්ට වගාහානි සදහා වන්දි මුදල් ලබාදෙන බවත් ඊට අමතරව නොමිලේ පොහොර සහනාධාර ලබාදෙන පවසන කෘෂිරක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂකවරයා ඒ නිසා ගොවින් අනුමත වගාකාලසටහනට අනුව වගා කටයුතු සිදුකළ යුතු බවද පවසයි. කඩිනමින් වන්දිමුදල් ලබාදිමට කටයුතු කිරිම සදහා රජයට හා කෘෂිරක්ෂණ මණ්ඩලයට ගොවින්ගේ ප්‍රණාමය හිමිවි ඇත.