යුරෝපීය කොමිෂන් සභාවේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් ඊයේ (15දා) කොවිඩ්-19 මර්දන එන්නත් මාත්රාව ලබාගත් අතර, කලාපය තුළ වැඩි පිරිසකට වේගවත්ව එන්නත් ලබාදෙන බවද ඇය කියා සිටියාය.
"අපි යුරෝපා සංගමයේ එන්නත් මාත්රා ලබාදීම් මිලියන 100ක් පසු කළ පසු, අද දින මගේ පළමු එන්නත් මාත්රාව ලබාගැනීම ගැන මා සතුටු වෙනවා. යුරෝපා සංගමය තුළ බෙදා හැරීම් වේගවත් වන බැවින් එන්නත් ලබා ගැනීම වේගවත් වනු ඇති බවද අප විශ්වාස කරනවා. අප එන්නත ලබාදෙන වේගය මත වසංගතය ඉක්මනින් පාලනය කළ හැකි වේවි."
මෙහිදී යුරෝපා සංගම් ප්රධානියාට ලැබුණේ කුමන කොවිඩ්-19 මර්දන එන්නතද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.