රටේ ඇතිව තිබෙන ගැටලු ප්‍රජාතත්න්ත්‍රවාදී ලෙස ඉක්මනින් විසඳා ගන්නා ලෙස යුරෝපා සංගමය ඉල්ලීමක් කර තිබෙන නමුත් එය බලපෑමක් නොවන බව විදේශ කටයුතු ඇමැති ආචර්ය සරත් අමුණුගම මහතා මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ ඊයේ (04) පැවසීය.
ජත්‍යන්තරයේ විශ්වාසය දිනා ගනිමින් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යෑමට තමන්ට හැකි බවත් එක්සත් ජාතික පක්ෂය රටට පෙන් වීමට උත්සහ කරන ආකාරයේ බලපෑමක් රටට ජත්‍යන්තරයෙන් එල්ලවී නොමැති බවත් ඔහු පැවැසීය.
සරත් අමුණුගම මහතා අද (04දා) පෙරවරුවේ මල්වතු හා අස්ගිරි මහවිහාර වලට ගොස් මහනායක ස්වාමින් වහන්සේලා දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගත් අවස්ථාවේදි මේ බව පැවැසිය.
තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ හිටපු ජනපති ප්‍රේමදාස ජනපතිවරයා පාර්ලිමේන්තුව මාස දෙකක කාලයක් කල් දැමු බවත් ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව මාස දෙකක උපරිම කාලයක් දක්වා පාර්ලිමේන්තුව කල් දැමිය හැකඒ මහතා කීය.
චමිල් රූපසිංහ