චීනයේ සහ රුසියාවේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නත් භාවිත කිරීම සඳහා යුරෝපා සංගමය (EU) විවෘතව සිටින බව ප්රංශ පුවත් සේවය වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් පසුගියදා පැවති රැස්වීමකදී යුරෝපා සංගම් නීති සම්පාදකයන්ට පවසා ඇත්තේ, චීනයේ හා රුසියාවේ එන්නත් නිෂ්පාදකයන්ටද අවස්ථාව ලබාදෙමින්, ඔවුන්ටද අනෙක් අය මෙන් සියලු දත්ත විශ්ලේෂණයෙන් පසු කොන්දේසි සහිත වෙළෙඳ පොළ අවසරයක් ලබාගත හැකි බවයි.
ඇස්ට්රාසෙනෙකා සහ ෆයිසර්-බයෝඑන්ටෙක් ඇතුළු නිෂ්පාදකයන් අපේක්ෂිත ප්රමාණයට වඩා අඩු එන්නත් ප්රමාණයක් ලබාදීම, මහජන විවේචන හා විකල්ප සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම නිසා යුරෝපය එන්නත් හිඟයකට මුහුණ දී සිටියි.