යුරෝපීය කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර්ලේන්, කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ පුද්ගලයකු සහභාගී වූ රැස්වීමකට සහභාගී වීමෙන් පසු ස්වයං හුදෙකලා වූ බව ට්විටර් පණිවුඩයක් මගින් කියයි.
පසුගිය බ්රහස්පතින්දා ඇය වෛරසය සඳහා සෘණාත්මක බව පරීක්ෂා කළ බව මීට පෙර ප්රකාශ කළ මතු ආරක්ෂාව සඳහා ස්වයං හුදකලාවී සිටින බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.
බෙල්ජියම් රජයේ නීතිරීති යටතේ, කොවිඩ් -19 ධනාත්මක පුද්ගලයෙකු සමග සමීපව සම්බන්ධ වීමෙන් පසු නිරෝධායනයට යොමුවීම අනිවාර්යය වෙයි.