එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව කොරෝනා වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා යුරෝපයට නව සංචාරක සීමාවන් පණවන බව විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළේය.
ධවල මන්දිරයේ ඕවල් කාමරයේ සිට බදාදා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඔහු කියා සිටියේ යුරෝපයේ සිට පැමිණෙන සියලුම සංචාර ඉදිරි දින 30ක කාලයක් සඳහා අත්හිටුවන බවයි.
මහා බ්‍රිතාන්‍ය තුළ වෛරසය ආසාදිතයින් 460ක් දැන්ට තහවුරු වී තිබුණත්, දැඩි නමුත් අවශ්‍ය සීමා පැනවීම් මහා බ්‍රිතාන්‍යයට අදාළ නොවන බවද ට්‍රම්ප් කියා සිටියේය.
කෙසේ වෙතත් එක්සත් ජනපදය පුරා වෛරසය ආසාදිතයින් 1,135 ක් වාර්තා වී ඇති අතර මරණ 38ක් වාර්තා වී තිබේ.
"නව අවස්ථා (ආසාදිතයන්) අපගේ භූමියට ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා යුරෝපයේ සිට ඇමරිකා එක්සත් ජනපදය දක්වා වූ සියලුම සංචාර අත්හිටුවනු ඇති" යනුවෙන් ට්‍රම්ප් සඳහන් කළේය.
"නව නීති සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වනු ඇති." බවද ඔහු වැඩිදුරටත් පැවසීය.