යුරෝපීය නියාමකයන් විසින් ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත අනුමත කිරීමෙන් පසු එදිනම එන්නත් ආරම්භ කිරීම සඳහා එම රටවල් සම්බන්ධීකරණය කරන බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් ප්‍රකාශ කර තිබේ.
'යුරෝපා සංගම් එන්නත දින' නමින් හැඳින්වෙන ව්‍යාපාරයක කොටසක් ලෙස මෙම ක්‍රියාදාමය දෙසැම්බර් 27දා ආරම්භ වන අතර දෙසැම්බර් 29 දක්වා එය ක්‍රියාත්මක වේ. යුරෝපීය ඖෂධ ඒජන්සිය එන්නත අනුමත කරනු ඇතැයි අපේක්ෂා කළ දින සිට දින 8කට පසුව මෙම දිනය නියම කර ගෙන තිබේ.
වසංගතයේ දෙවැනි රැල්ලට මුහුණ දීමේදී සාමාජික රටවල් අතර එක්සත්කම පිළිබිඹු කරමින්, සාමාජික රටවල් 27ම එදිනම එන්නත් කිරීම ආරම්භ කරනු ඇති බවද උර්සුලා සඳහන් කළාය.
යුරෝපා සංගමයට අයත් සෑම රටක්ම පාහේ පවසා ඇත්තේ ඉදිරිපෙළ වෛද්‍ය සේවකයින්ට සහ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට පළමු මාත්‍රාව ලබාදෙන බවය. වසන්තයේ අග භාගය වනතෙක් බහුතරයකට එය ලැබීමට සුදුසුකම් නොලැබෙනු ඇත.
ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් ඊයේ තහවුරු කළේ රජයට මාත්‍රාව මිලියනයක් මාසය අවසානයේදී ලැබෙනු ඇති බවත්, සියලු කොන්දේසි සපුරා අවසන් වූ වහාම එන්නත් ලබා දෙන බවත්ය.
ජර්මානු සෞඛ්‍ය ඇමති ජෙන්ස් ස්පාන්, එක්සත් රාජධානිය මෙම එන්නත අනුමත කළදා සිට යුරෝපයේ විශාලතම ආර්ථිකය තුළ එන්නත ලබාදීමට සූදානමින් සිටියි.