කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් සඳහා දින 14ක නිරෝධායනය අඩු නොකරන ලෙස යුරෝපා සංගමය රජයන්ට අනතුරු අඟවයි.
ඇතැම් දෙනාට සති දෙකකට පසුව පවා ආසාදනය ඇති වන බවට මේ වනවිට හඳුනාගෙන ඇතැයිද, යුරෝපයේ ආසාදිතයන්ගේ නව වැඩිවීමක් සංඥා කරමින්ද එම සංවිධානයේ සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රධානියා මෙසේ පැවසීය.
යුරෝපා සංගමයේ විශාලතම රට වන ජර්මනිය, නිරෝධායන කාලය කෙටි කිරීමට සැලසුම් කර ඇති බව යුරෝපා සංගම් බලධාරීන්ට දන්වා සිටීමත් සමග මෙම ප්‍රකාශය නිකුත් විය.
"නිරෝධායනය කෙටි වුවහොත් ඔවුන් කුමන ආකාරයේ අවදානම් දරනු ඇත්ද යන්න පිළිබඳව තීරණ ගන්නන්ට අපි යම් සාක්ෂි ලබාදීමට බලාපොරොත්තු වෙනවා" යුරෝපීය රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානී ඇන්ඩ්‍රියා අම්මොන් යුරෝපා සංගම් නීති සම්පාදකයන් හමුවේ සඳහන් කළේය.