යුරෝපය පුරා පසුගිය සති දෙක තුළ කොවිඩ්-19 සම්ප්‍රේෂණ අනුපාතය ඉහළ යාම සහ සමහර රටවල අඩු එන්නත් අනුපාතය සමග දැඩි ලෙස කනස්සල්ලට පත්වන තත්ත්වයක් බව යුරෝපයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී හාන්ස් ක්ලූගේ පවසයි.
"පසුගිය සතියේ, කලාපයේ මරණ සංඛ්‍යාවේ 11%ක වර්ධනයක් දක්නට ලැබුණා. එක් විශ්වාසදායක ප්රක්ෂේපණයක් මගින් පෙන්වා දෙන්නේ, මේ ආසාදන රැල්ල තුළින් දෙසැම්බර් 01දා වනවිට යුරෝපයේ මරණ 236,000ක් අපේක්ෂා කළ හැකි බවයි" ක්ලූගේ වැඩිදුරටත් පැවසීය.