“මේ රටේ දැන් ක්‍රියාත්මක වන්නේ එක නීතියයි. යහපාලන කාලයේ දී වගේ රටේ නීතිය තමන්ගේ උවමනාවට හිතුමතේට නමන්න බැහැ.යාපනයේ නගරාධිපතිතුමාට කියලා වෙනම නීතියක් මේ රටේ නැහැ. නියපොත්තෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන තත්වයට අපි පත් කරන්නේ නැහැ. ඒ නිසා තමයි යාපනය නගරයේ ආරක්ෂාවට යැයි පවසමින් යුද සමයේ එල්ටීටීඊ පොලිස් භටයන් භාවිතා කළ ඇඳුමට සමාන නිල ඇඳුමකින් යුතු යාපනය නගර ආරක්ෂක බලකාය නමින් ඒකකයක් පිහිටුවීම ගැන වහාම සොයා බලා කටයුතු කළේ.” යැයි අමාත්‍ය පොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ගිරිඋල්ල නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“යාපනේ නගරාධිපතිතුමා ගැන කියවුනේ ප්‍රසිද්ධ නාලිකාවක. ඒ නාලිකාවේ ඇහුවා අද පොලිසියේ රාජකාරියත් නගර සභාව ද කරන්නේ , මේ රටේ නීතිය කෝ කියලා ඇහුවා. එල්ටීටීඊ නීතිය ක්‍රියාත්මක වෙද්දී අපි දැක්කා උතුරේ උසාවි කොහොමද ක්‍රියාත්මක වුනේ කියලා . ඒ වගේම උතුරේ පොලිසිය එල්ටිටිඊය කාලේ ක්‍රියාත්මක උනේ කොහොමද කියලා අපි දැක්කා . පොලිසියේ රාජකාරිය කිසිම නගරාධිපති කෙනෙක්ට පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක ආණ්ඩුව වෙනුවෙන් ඉතාමත් වගකීමෙන් පැහැදිලිව කියනවා.”