කොරෝනා වයිරස් පැතිරීමේ අවදානම හේතුවෙන් යාපනය හා මුලතිව්හි යුදහමුදා මූලස්ථාන විසින් නගරයේ පොදු ස්ථාන සියල්ලක්ම හා රජයේ කාර්යාලයන්හි පූර්ණ විෂබීජහරණ ක්රියාවලියක් සිදු කිරීමට පියවර ගෙන ඇත.
මේ දිනවල යාපනය ආරක්ෂක සේනා ආඥාපති මෙජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ උපදෙස් පරිදි 51, 52 සහ 55 යන සේනාංකයන්හි යුද හමුදා සෙබලුන් විසින් යාපනය චුන්නාකම්, කොකුවිල්, චන්කායි, තෙලිප්පලෙයි, නල්ලූර් , උඩුවිල්, තිරුනෙල්වේලි , වැල්වැටිතුරෙයි, කොඩිකාමම්, චාවකච්චේරි, පලෙයි, ඉයක්කච්චි ආදී ප්රදේශ රැසක පොදු ස්ථාන හා රජයේ කාර්යාලයන්හි විෂබීජහරණ වැඩසටහන් ක්රියාත්මක කොට ඇත.
එමෙන්ම මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දීප්ති ජයතිලක මහතාගේ අධීක්ෂණයන් පරිදි මුලතිව් නගරය මෙන්ම පුදුකුඩිඉරිප්පු යන ප්රදේශයන්හි පොදු ස්ථාන රෝහල් ඇතුලු ජනතාව ගැවසෙන ස්ථානයන් සියල්ලකම විෂබීජහරණ වැඩසටහන් ක්රියාත්මක කොට ඇත.