යාපනය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියකට කොවිඩ් 19 වෛරසය වැළඳීම හේතුවෙන් ඊයේ (29) රාත්‍රියේ මිය ගොස් ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි ශ්රීරංජනී ආනන්ද කුමාර්ස්වාමි මහත්මිය කිසියම් වෙනත් අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කල අතර එහිදී මැයි 12 වනදා සිදුකරන ලද ඇන්ටිජන් පරික්ෂාවකදී කථිකාචාර්යවරියට කොවිඩ් 19 වෛරසය ආසාදය වී ඇති බවට තහවුරු වූවාය.
අනතුරුව ඇය යාපනය ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගී වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී අසනීප තත්වය ක්‍රමයෙන් වැඩී වී ඊයේ (29) රාත්‍රියේ මිය ගිය බවට යාපනය රෝහල් වෛද්‍යවරුන් පැවසූහ.
මේ අතර මිය ගිය යාපනය විශ්වවිද්‍යාලයේ කථිකචාර්ය වරියගේ අවසන් කටයුතුද කොරෝනා නීතිවලට අනුව අද දිනයේදී සිදුකිරීමට පියවර ගෙන ඇති බවට යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.