යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක සේවයේ නිරතවන නිලධාරීන් විසින් තමන්ට එල්ලවන චෝදනා වෙනුවෙන් සාධාරණ පරික්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා අද (26) දින සියලුම ආරක්ෂක නිලධාරීන් විසින් සිය සේවා කටයුතු වලින් ඉවත්ව විශ්වවිද්‍යාලය තුල විරෝධතාවක නිරත වූහ.
පසුගිය කොරෝනා අවධානම් කාල වකවානුවේදී යාපනය විශ්වවිද්‍යාලය වසා තිබුණු අතර එම කාල සීමාව තුලදී විශ්වවිද්‍යාලයේ තිබූ උපකරණ රැසක් අස්ථාන ගත වීම පිළිබඳව ආරක්ෂක නිලධාරීන් එල්ල වූ චෝදනාවක් හේතුවෙන් එයට විරෝධය පා මෙසේ විරෝධතාවක නිරත වූහ.
යාපනය විශ්වවිද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා තිබූ අමුද්‍රව්‍ය කිහිපයක්ද අස්ථානගතව ඇති හෙයින් එයට යාපනය විශ්ව විද්‍යාලයේ ආරක්ෂාවේ යෙදි සිටි ආරක්ෂ නිලධාරීන් වගකිව යුතු බවට යාපනය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් චෝදනා කොට ඇති බවට ආරක්ෂක නිලධාරීන් පවසා සිටියහ.
නමුත් විරෝධතාවයේ නිරතවූ ආරක්ෂක නිලධාරීන් පවසාසිටියේ මාස 3 කට අධික කාලයක වසා තිබූ යාපනය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක කටයුතු තමන් වගකීමෙන් යුතුව සිදු කල බවටත් තමන්ට එල්ලවන චෝදනා තරයේම ප්‍රතික්ෂේප කරන අතරම අදාල චෝදනාව සමබන්ධයෙන් විධිමත් පරික්ෂණයක් කිරීමට යාපනය විශ්වවිද්‍යාල පරිපාලනය පියවර ගත යුතු බවටය.
විරෝධතාවයේ නිරත වූ යාපනය විශ්විද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන් සමග පරිපාලන නිලධාරීන් කිහිපදෙනෙකු සාකච්ඡාවක් කිරීමට මෙහෙදී පොරොන්දූ වීමෙන් පසුව විරෝධතාවය නවතා දැමීමට පියවර ගනු ලැබීය.