යාපනය ශික්ෂණ රොහලේ පවතින මානව හා භෞතික සම්පත් හිගකම පිළිබදව සෞඛය ඇමතිණිය පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය සමග සාකච්ජා කර වහාම විසදුම් ලබා දීමට කටයුතු කරන බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රධාන වෛද්‍ය නිලධාරින් ප්රමුඛ සාකච්ඡාවකදි ප්‍රකාශ කර ඇත.
යාපනයේ පිහිටුවා ඇති අමාත්‍යවරයාගේ කාර්යාලයේදි යාපනයේ ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සත්‍යමුර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි වෛද්‍ය නිලධාරි කණ්ඩායම අමාත්‍යවරයා හමුවී රෝහලේ පවතින මානව හා භෞතික සම්පත්වල හිගයත්, යටිතල පහසුකම් වල අඩුපාඩු පිළිබදවත් අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කලහ.
විශේෂයෙන් යාපනය ශික්ෂණ රොහලේ දන්ත වෛද්‍ය අංශයට රෝගීන් විශාල ප්‍රමාණයක් පැමිණෙන බැවින් එහි ඇති දන්ත වෛද්‍ය වරුන්ගේ හිගය හා හෙද සේවක පුරප්පාඩු හැකි ඉක්මණින් පිරවියයුතු බවට නියෝජිතයින් පිරිස අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.
එමෙන්ම මෙම රෝහල දැනට උතුරේ ජනතාවට ඉමහත් සේවයක් ලබා දෙන උතුරු පළාතේ ප්‍රධානතම රෝහල බවට පෙන්වා දුන් නියෝජිත කණ්ඩායම එහිදි රෝගීන්ට ලැබෙන පහසුකම් ඉතා අවම මට්ටමක පවතින බවද පෙන්වා දුන්හ.
යාපනය ශික්ෂණ රෝහලේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ වැදගත් ස්ථානයක් ගන්නා රෝහලක් බවට සංවර්ධනය කලයුතු බවද පෙන්වා දුන්හ. ඒ සදහා රෝහලට අත්‍යවශ්‍ය පහසුකම් ලබා දෙන මෙන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.
මෙම වෛද්‍ය කණ්ඩායමේ ඉල්ලීම්වලට සවන් දුන් අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරිය හමුවි මේ පිළිබදව හැකි ඉක්මණින් පියවර ගන්නා බවද අමාත්‍යවරයා පොරොන්දු විය.