යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨය හා උතුරේ අධ්‍යාපන ගැටලු සදහා කඩිනම් විසදුම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට පොරොන්දු වි තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පහසුකම් වැඩිකිරීමටත්, උතුරු පළාතේ අධ්‍යාපන ගැටලු සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ඉදිරිපත් කරන ලද ගැටලු පිළිබදව අමාත්‍ය ජී.එල් පිරිස් මහතා හා පසුගිය දා කළ සාකච්ඡාවේදී එම ගැටලු සදහා කඩිනම් විසදුම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය ජී. එල් පීරිස් මහතා එකඟතාවය පළකර තිබේ.
එ.ජා.ප හා දෙමළ සන්ධාන හවුලෙන් බිහිවු යහපාලන ආණ්ඩුවේදී විදුහල්පති සේවයේ තුන්වෙනි ශ්‍රේණියට බදවා ගැනීමේ පටිපාටිය අනුකූල නොවු බොහෝ අක්රමිකතාවයන් සිදු වු බවත් භාෂාව අනුව බදවා ගැනීම් සිදු කල යුතු වුවත්, නමුත් බදවා ගැනීම් පටිපාටිවලට පටහැනිව පත්වීම් ලබා දුන් බව අමාත්‍ය දේවානන්දා මහතාට අසාධාරණයට ලක්වු අය විසින් පෙන්වා දෙන ලද කරුණු අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන ලදි.
තවද පසුගිය වකවානුවේදී ජේෂ්ඨත්වය පදනම් කර ගෙන සහාය අධ්‍යාපන අධ්යක්ෂවරුන් ලෙස පත්වීම් ලබා දී උතුරු පළාතේ අධ්‍යාපන කලාප 12ක සේවය කරන නිලධාරීන් ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 03 වැනි සේවයට (SLES- 03) අනුබද්ධ කිරීමට 2014 වර්ෂයේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වුවද එම බදවාගැනීම් සිදු නොකොට එම කටයුතු නවතා ඇති අතර මේ පිළිබදව පියවර ගන්නා ලෙසද දේවානන්දා අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලදි.
තවද යාපනය සරසවියේ වෛද්‍ය පීඨයද දියුණු කිරීමටත් යටිතල පහසුකම් ලබා දීමට ඔස්ට්‍රියාව, ඉන්දියා වැනි රටවල් හා ලයිකා වැනි ආයතන ඉදිරිපත් වී ඇති අවස්ථාවේ ඒවා ක්‍රියාවට නැංවීමට ආණ්ඩුවෙන් අනුමැතිය ලබා දෙන ලෙස යාපනය වෛද්‍ය පිඨයේ පීඨාධිපති වෛද්‍ය එස්. රවිරාජ් මහතා විසින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට ඉල්ලීම් කරන ලදි.
ඩග්ලස් දේවනන්දා මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම ඉල්ලීම් වලට ඉතාමත් ඕනෑකමින් ඇහුම්කන් දුන් අමාත්‍ය ජී. එල් පීරිස් මහතා එම ඉල්ලීම් පිළිබදව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව පොරොන්දු වු අතර අදාල නිලධාරීන්ට මේ පිළිබද උපදෙස් ලබා දෙන ලදි.