යාපනය කොකුවිල් ප්‍රදේශයේ පදිංචි විවාහක රූමත් කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (31දා) සවස ඇයගේ නිවසේ තිබී හමු වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.
මිය ගිය කාන්තාව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කරන අතර යාපනය පූනකරි රෝහලේ වෛද්‍යවරයෙකුගේ බිරිඳද වන බවටත් ඔවුන් දෙදෙනා මෑතකදී විවාහ වී ඇති බවටද පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.
මිය ගොස් සිටි කාන්තාව සිය දිවි හානිකරගෙන ඇති බවට පොලීසිය සැක පල කරන අතර සියදිවි හානිකර ගැනීම හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවටත් අදාල මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ අරඹා ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.