යාපනය යුදහමුදා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සහ යාපනය නාවික ආඥාපති රියර් අද්මිරාල් පී.එම්. වික්රමසිංහ මහතා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී පළමුව අභිනවයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා පත්වූ ආචාර්ය සුරේන් රාඝවන් මහතා වෙත ආඥාපතිවරු දෙපළ විසින් සුභ පැතුම් එක් කළහ.
අනතුරුව යුද හමුදාව විසින් යාපනය දිස්ත්රීක්කයේ නැවත පදිංචි වූවන් වෙනුවෙන් ලබාදෙන පහසුකම් මෙන්ම සංවර්ධන වැඩසටහන් කෙරෙහි උතුරු ආණ්ඩුකාරතුමන්ගේ ප්රශංසාව යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත පිරිනැමීය.
එමෙන්ම උතුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදු කරමින් ඇති සෝදිසි මෙහෙයුම් පිළිබඳවද උතුරු ආණ්ඩුකාරතුමන් යාපනය නාවික ආඥාපතිවරයා වෙතට කෘතඥතාවය පල කරනු ලැබීය.