අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක සුඛිත පුරවර වැඩසටහන යටතේ රුපියල් මිලියන 2,350 ක වියදමින් ඉදිකිරීමට නියමිත යාපනය නව නගර ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අපගේ වැදගත් ජාතික භෞතික සැලසුමේ ප්‍රතිපලයක් ලෙසයි අපි යාපනය නගරය ගොඩ නැගීමට කටයුතු කරන්නේ. 2017 - 18 වසර දෙකේ මේ රටේ සියලු ක්ෂෙත්ර නියෝජනය කරන වෘත්තීයවේදීන් 3,000 ක් එකතු වෙලා රටේ ජාතික භෞතික සැලසුම ඇති කළා.
එතනදී අපි හඳුනාගත්තා රටේ ප්‍රධාන සංවර්ධන කොරිඩෝ හතරක්. එකක් කොළඹ සිට ති‍්‍රකුණාමලයටත්, දක්ෂිණ කොරිඩෝව ගාල්ලේ සිට තිස්සමහාරාමයට, උතුරේ කොරිඩෝව යාපනයේ සිට කිලිනොච්චියට, නැගෙනහිර කොරිඩෝව වාලච්චේන සිට මඩකලපුව, අම්පාරට හඳුනාගෙන තිබෙනවා.
දැනටමත් යාපන නගරය 2018 සිට ලෝක බැංකු ව්‍යාපෘතියක් යටතේ උපාය මාර්ගික නගරයක් ලෙස කි‍්‍රයාත්මක කරනවා. ඒ වගේම යාපනය හා අවට සියලුම උපනගර නාගරික සංවර්ධන අධිකාරිය විසින් විධිමත් සැලසුමකට අනුව සංවර්ධනය කරගෙන යනවා. අපි දැනටමත් යාපන නගරයේ ව්‍යාපෘති ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. මහාමාර්ග ගණනාවක් සංවර්ධනය කරගෙන යනවා. විශේෂයෙන්ම ප්‍රධාන බස් නැවතුම්පල අවට ප්‍රධාන වාණිජ සංකීර්ණය ඉදිකරමින් පවතිනවා. ඒ වගේම පැරණි කච්චේරි ගොඩනැගිල්ල පුනරුත්තාපනයට කටයුතු කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ නව නගර ශාලාවත් සමග විධිමත් නාගරික ව්‍යූහයක් අපේ යාපන මහනගර සභාවට ලැබෙයි කියලා.
ඒ වගේම මම 2010 විදුලිබල හා බලශක්ති ඇමති හැටියට යාපනයට පැමිණි වෙලාවේ යාපනයෙන් අඩකඩවත් විදුලිය තිබුනේ නැහැ. අපි යාපනයට විදුලි බලාගාරයක් ඇති කළා. ඒ වගේම ගැටුම් අවස්ථාවේදී විනාශ වූ වවුනියා, චුන්නාකම් සම්පේ‍්‍රෂණ මාර්ගය ඉදි කළා. අලූත් විදුලි බලාගාරයක් ලබාදුන්නා. අද යාපනය 100% ක් විදුලි තිබෙන ස්ථානයක් බවට අපි පත් කළා.
ඒ වගේම ඉදිරිකාලයේදී යාපනය අර්ධද්වීපයම විධිමත් සැලසුමක් යටතේ මහානගරයක් හැටියට ගොඩනැගීමට කටයුතු කරන බවත් ඔබ සැමට ප්‍රකාශ කරනවා. ඒ සඳහා ඔබ සියලූ දෙනාගේම අදහස් මීට මාස ගණනාවකට පෙර මේ යාපනයේ ජීවත්වන වෘත්තීයවේදීන් සියලූ දෙනාම එක ශාලාවකට රැස්කර අපේ සැලසුම් පෙන්වාදී, ඔබගෙන් ප්‍රජාතන්ත්‍රවාදීව එම අදහස් ලබාගත් බවත් ඒවාට අනුකූලව අපේ සැලසුම් වෙනස්කර කි‍්‍රයාත්මක කරන බවත් සඳහන් කළ යුතු යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි