වෙසක්පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් අතරින් යාපනය බන්ධනාගාරයේ සිටි පස් දෙනෙකුද අද (07) දින නිදහස් කිරීමට යාපනය බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුණි.
සුලු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ පස් දෙනෙකු මෙසේ නිදහස් කිරීමට පියවර ගෙන තිබුණු අතර ඉන් දෙදෙනෙකු යාපනය දිස්ත්රීක්කයේ සහ තිදෙනෙකු කිලිනොච්චිය දිස්ත්රීක්කයේ පදංචිකරුවන් විය.
පැවති ඇඳිරිනීතිය තත්ත්වය හේතුවෙන් යාපනය බන්ධනාගාරයෙන් නිදහස් වූ සිරකරුවන් පස් දෙනාගෙන් කිලිනොච්චියේ පදිංචි තිදෙනාට ගමන් කිරීමට බස්රථ හෝ ගමනාගමන පහසුකම් නොමැති වීම හේතුවෙන් යාපනය බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර බසයෙන්ම නිදහස ලැබූ සිරකරුවන් තිදෙනා නිවෙස් වෙතට රැගෙන යාමට කටයුතු යොදා තිබුණි.