යාපනය කොට්ටඩි ප්රදේශයේදි දෙපිරිසක් අතර තියුණු ආයුධ වලින් පහරදි ගැනීම හේතුවෙන් 7 දෙනෙකු තුවාල ලබා ඊයේ (15) රාත්රියේ රෝහල්ගත කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.
යාපනය කොම්බාවිල් ප්රදේශයේ තරුණයින් පිරිසක් සහ කොට්ටඩි ප්රදේශයේ තරුණයින් පිරිසක් අතර කොට්ටඩි මංසන්ධියේදි මෙම පහරදි ගැනීම සිදුව ඇති අතර එහිදි තෛයිපොංගල් දිනයට රැස්වූ මෙම පිරිස් අතර කඩු සහිතව සිටිම හේතුවෙන් ආවා කල්ලියේදැයි සැක සිති දෙපාර්ශවය අතර ඇතිවූ බහින්බස්විම දුරදිග ගොස් තරුණයින් දෙපිරිස පහරදිම සිදු කොට ගෙන ඇති බවට අනාවරණය වි ඇත.
අදාළ පහරදිගැනිමෙන් දෙපාර්ශවයේම තරුණයින් 7 දෙනෙකු තුවාල ලබා තිබූ අතර පහරදිම් වලින් තුවාල ලැබූ පිරිස් ප්රදේශවාසින් විසින් රෝහල්ගත කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය පුළුල් පරික්ෂණයක් අරඹා ඇත.