යාපනය චාවකච්චේරි ප්රදේශයේදී ඊයේ රාත්රියේ දෙපිරිසක් අතර තියුණු ආයුධවලින් ඇති වූ ගැටුමකදී ඊ.පී.ඩී.පී. පක්ෂ සභිකයෙකු හා තවත් අයෙකු කැපුම් තුවාල සමගින් රෝහල්ගත කොට ඇති බව චාවකච්චේරි පොලීසිය පවසයි.
චාවකච්චේරි ප්රාදේශීය සභාවේදී පැවති සාකච්ඡාවකදී ප්රදේශයේ පවතින නීතිවිරෝධී මත්පැන් ජාවාරම් පිළිබඳව අනාවරණය කොට ඇති අතර එම සාකච්ඡාව අවසන් වීමෙන් අනතුරුව දෙපිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙසේ පහරදී ගැනීම් සිදුව ඇති බවට පොලීසිය අනාවරණය කොට ගෙන ඇත.
තුවාලකරුවන් මුලින්ම චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කොට යවා ඇත.
කෙසේ වෙතත් අදාළ පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ ඇරඹු චාවකච්චේරි පොලීසිය විසින් පහරදීමට සමබන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.