යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි මාස හයක ගර්භිනි හෙද නිලධාරිනියක් හදීසියේම මරණයට පත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව යාපනය නෙල්ලිඅඩි පොලීසිය පැවසීය.
නෙල්ලියඩි පොලීසිය පැවසූවේ අදාළ ගර්භනි කාන්තාවට ඇති වු කිසියම් අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මන්තිකෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා(27) ජිවිතක්ෂයට පත්ව ඇති බවටයි.
යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි කුලදීපන් බ්‍රින්ද්‍රා නමැති 32 හැවිරිදි එක්දරු මවක් එලෙස රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇත.
අදාළ ගර්භිනි හෙද නිලධාරිනිය නිවසේදී එන්නතක් විදගෙන ඇති අතර අදාළ එන්නත විෂවීමෙන් අදාළ මරණය සිදුව ඇති බවට මූලික වෛද්‍ය පර්යේෂණයන්ගෙන් අනාවරණය වි ඇති බව රෝහල් ආරංචි මාර්ග වලින් අනාවරනය වී ඇති බවටද නෙල්ලියඩි පොලීසිය කියා සිටියේය.