යාපනය සංගානෙයි ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් පිරිසක් හමුවීමත් සමග සංගානෙයි එළවලු වෙළඳපොල සහ මාලු වෙළඳ සංකීරණය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන ඇත.
සංගානෙයි එළවලු වෙළඳපොලේ වෙළෙන්ඳන් 08 දෙනෙකුට සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයකින් අනතුරුව ඔවුන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති අතරම එහි වෙළෙන්ඳෙකු සංගානෙයි මාලු වෙළඳ සංකීර්ණයට ගොස් ඇති බවට අනාවරනය වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.
සංගානෙයි එළවලු වෙළඳපොලේ වෙළෙන්ඳන් මරඳනාමඩම් එළවලු වෙළඳපොළේ කොවිඩ් වෛරසය ආසාදිතයින් සමග පැවත්වූ සමීප සම්බන්ධතා හේතුවෙන් මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට සැක පල කරන්නේ යැයි මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් පවසා සිටිති.
කෙසේ වෙතත් මේ වන විට සංගානෙයි එළවලු වෙළඳපොලේ සියලුම වෙළෙන්ඳන් සහ මාලු වෙළඳ සංකීරණයේ වෙළෙන්ඳන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කොට පී.සී.ආර් පරික්ෂණයන් වෙතට යෙමු කොට ඇති බවටද යාපනයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් වැඩි දුරටත් පැවසීය.