යාපනය කෝපායි ප්‍රදේශයේ යාපනය කොට්ඨාස අපරාධ ඒකකය සිදුකළ වැටලීමක්දී ස්ථාන දෙකකින් අයිස් වර්ගයේ කෘතීම මත්ද්‍රව්‍ය කිලෝ 7ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පිත් අජිත් රෝහණ මහතා පැවැසීය.
යාපනය නිවසක් පරීක්ෂා කිරීමේදී මුලින්ම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සොයා ගෙන ඇති අතර එහිදී සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් අනතුරුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ යාපනය 4 වැනි හරස් වීදියේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරු සමග තවත් අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 2ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් 4 දෙනාට අමතරව යතුරු පැදි දෙකක්, ත්‍රි රෝද රථයක් හා ලොරියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 7ක් පමණ වන අතර ඒවා ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ලංකාවට ගෙන එන්නට ඇතැයි විශ්වාස කරයි.