යාපනය ප්රදේශයේ දී ඊයේ (27) දින අත්අඩංගුවට ගත් ආවා කල්ලි සමාජිකයින් තිදෙනා අද(28) දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවට යාපනය පොලීසිය කියා සිටියේය.
යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අදාළ සැකකරුවන් තිදෙනා ඊයේ(27) දිනයේ අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස 25ක් වූ චන්ද්රබාල අකිල සුමන් නැමැති අංක 715, මානිප්පායි පාර, යාපනයේ පදිංචි අයෙක් සහ වයස 19ක් වූ නාගරත්නම් ඩිලක්ෂන් නොහොත් මොට්ට ශිවා නැමැති අරසඩි වීදිය, මානිප්පායි හි පදිංචි අයෙක් මෙන්ම වයස 23ක් වූ යුවරාසා ඩිලක්ෂන් නැමැති පලම් වීදිය, ආරුගල්මඩම්, යාපනයේ පදිංචි පුද්ගලයන් වෙයි.
අත්අඩංගුවට ගත් සැකරුවන් ඊයෙ (27) දින යාපනය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද(28) දක්වා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
යාපනය පොලිස් වසමේ නාච්චිඅම්මාන් කෝවිල අසලදී පුද්ගලයින් දෙදෙනෙකු කඩුවකින් කපා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති ඇත.