යාපනය ප්රදේශයේ ස්ථාන කිහිපයකින් හිවලුන් මතුවීමත් සමග ප්රදේශයේ ජනතාව බියවී ඇතයි ප්රදේශවාසීන් පවසයි. යාපනය කියතඩි ඇතුලු ප්රදේශයන්හි කුඹුරු වල හා වාගා බිම් කිහිපයක හිවලුන් සැරි සැරීම මත එම ප්රදේශයන්හි ජනතාව මෙසේ බිය වීමට හේතු වී ඇත.
එකවරම හිවලුන් ගම්වැදීමත් සමග එම හිවලුන් වෙනත් ප්රදේශයක සිට පැමිණෙන්නට ඇති බවට ජනතාව සැක පළ කරයි.
කෙසේ වෙතත් ගම්වැදී ඇති හිවලුන්ගෙන් සතුන්ට හෝ මිනිසුන්ට සපාකෑම් වැනි සිදුවීම් මෙතෙක් වාර්ථා වී නොමැති වුවද එවැනි අවධානමකට පෙර සූදානමක් වගකිව යුතු බලධාරීන්ගෙන් බලාපොරොත්තු වන බවටද ප්රදේශවාසී ජනතාව වැඩි දුරටත් පවසා සිටියි.