යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමට ලබා දි තිබු කාලය ලබන 28 වැනිදා තෙක් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි
එළැඹෙන 20 වැනිදා වනවිට සියලු යාන්ත්‍රික කියත් හිමියන් ළගම ඇති පොලිස් ස්ථානයන් වෙත ගොස් ඒවා ලියාපදිංචි කළ යුතු බවට මීට පෙර සඳහන් කර තිබුණි.
නමුත් ඒ සඳහා තවත් වැඩිපුර දින 8ක කාලයකින් දිර්ඝ කර තිබෙන බව අමාත්‍යංශය සඳහන් කරයි.
වන විනාශය ,පරිසර දුෂණය වැනි කරණා වැලැක්විමේ අරමුණින් ජනාධිපතිතුමාගේ නියෝගයකට අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙය ක්‍රියාවට නංවා තිබේ.