යුද සමයේදී මෙරට සිදු වූවා යැයි කියවෙන යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සලය විසින් මෙරට ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් දෙමුහුන් අධිකරණ ක්‍රියාවලිය තුළින් යුද අපරාධකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවට පවසමින් අද (12) යාපනය විශ්වවිද්‍යාල සිසුහු විරෝධතා පාගමනක නිරත වූහ.
යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කළ මෙම විරෝධතා පාගමන සඳහා, ජිනීවා යෝජනා සම්බන්ධ දැනුවත් කිරීමේ පෝස්ටර සහ යුද අපරාධ සම්බන්ධ සිතුවම් සහිත රථවාහන සහ වෙල්ලමුල්ලිවෙයික්කාල් හි මියගිය පිරිස සිහිකිරීම සඳහා වූ යාපනය විශ්වවිද්‍යාලය තුළ නිර්මාණය කර ඇති සැමරුම් ස්මාරකයෙහි අනුරුවක්ද රථයක සකස් කොට රැගෙන යාමද විශ්ව විද්‍යාල සිසුහු විසින් සංවිධානය කොට තිබුණි.
විරෝධතා පාගමනේ යෙදුණු යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් පැවසූයේ යුද සමයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් මෙරට ආණ්ඩුව විසින් සිදුකරන ක්‍රියාවලිය හා පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ජනතාවට කිසිදු විශ්වාසයක් නොමැති බවත් මානව හිමිකම් කවුන්සලය මෙරටට ලබාදුන් කාලය නිසි ප්‍රයෝජනයට ගෙන පරීක්ෂණ නොපැවැත්වූ බවද කියා සිටියේය.
විශ්වවිද්‍යාල සිසුන් විසින් අද දිනයේදී යාපනය සරසවියෙන් ආරම්භ කරන ලද විරෝධතා පාගමන 16 වැනිදා දක්වා යාපනය දිස්ත්‍රීක්කය පුරා සංචාරය කිරීමට සංවිධානය කොට ඇත.