ඇෆ්ගනිස්තානයේ යුද්ධය අවසන් බව තලේබාන් සංවිධානය පවසයි. තලේබාන් සංවිධානය කාබුල් අගනුවර බලය සියතට ගැනීමෙන් අනතුරුව ඔවුන් මෙම නිල ප්‍රකාශය කළේය. මේ වන විටත් ඇෆ්ගන් ජනපති අශ්රෆ් ඝානි රටින් පිටව ගොස් තිබේ.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ කාබුල් අගනුවර මාර්ගයෙන් ජනයාගෙන් හිස්ව තිබුණත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවයි.
විදෙස් රටවල් සිය රාජත්‍රාන්තික නිලධාරීන් හා තම රට වැසියන් ඇෆ්ගනිස්තානයෙන් පිටතට ගැනීම සඳහා කටයුතු කරන අවස්ථාවේදී එම ගුවන් යානාවලට ගොඩවීම සඳහා ඇෆ්ගන් ජනතාව පොරබදිමින් සිටියි.
තලේබාන් සංවිධානයේ ප්රකාශයෙක් අල් ජසීරා පුවත් සේවයට පවසා ඇත්තේ තම සංවිධානයට හුදෙකලාව සිටීමට අවශ්‍ය නොවන බවත් ඉතාමත් ඉක්මනින්ම රජයක් පිහිටුවන බවයි.
“දෙවියන්ට ස්තූතියි. රටේ යුද්ධය ඉවරයි. අපේ ජනතාවට නිදහස හා රටට නිදහස ලබාදුන්නා. අපිට අනෙක් අයට හිරිහැර කරන්න අවශ්‍ය නෑ. අපේ රටේ භූමිය වෙනත් අයට භාවිත කරන්න ඉඩ දෙන්නේ නෑ” යැයි එම සංවිධානයේ දේශපාලන ප්‍රකාශක මොහොමඩ් නයීම් පවසා තිබේ.