යතුරු පැදි සොරකම් කිරීමේ ප්‍රවණතාවක් ඇති බවත් පසුගිය පැය 24 තුළ යතුරුපැදි සොරකම් කිරීම් හයක් වාර්තා වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් මෙසේ යතුරුපැදි සොරකම් කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව යතුරු පැදි නියමිත ආරක්ෂණ ක්‍රම අනුව ආරක්ෂක ස්ථානයක ගාල් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.