කෝවිඩ් 19 ආසදනය වු මාතලේ යටවත්ත සැලගම ප්‍රදේශයේ නාවික හමුදා සෙබළාගේ මවට සහ පියාට කොරොනා වයිරසය අසාදනය වි ඇති බව වෛද්‍ය පරික්ෂණ මගින් තහවුරු වි ඇති බව යටවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එල්.ඩබ්.සි එන් රණවිර මහතා අද (07දා) පැවසිය.
මෙම නාවික සෙබළා සහ දෙමව්පියන් සමග නිවසේ රැදි සිට ඇති මේ දෙදෙනා දැනට ඉරණවිල රෝහලට ඇතුළත් කර ඇති බවත් මෙම ප්‍රදේශයේ ඇසුරු කළ පිරිස් පිළිබදව පරික්ෂණ සිදු කරන බවත් වසංගත රෝග අංශය මගින් දෙනු ලබන උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද රණවිර මහතා පැවසිය.
පවතින ඇදිරි නිති තත්වය හමුවේ මෙම ප්‍රදේශ හුදකලා සිදු කර නොමැති බවත් ඉදිරියේදි අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවද වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.
රත්තොට රුවන් ධනංජය