Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 06 වන සඳුදා
2025 ජනවාරි මස 06 වන සඳුදා
ආරක්ෂක ආමාත්‍යාංශය යටතට මෑතකදී එක්වූ පොලීසියට හා පොලිස් විශේෂ කාර්ය බළකායේ යුද්ධය හේතුවෙන් ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන් වෙත ජීවිතාන්ය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික නිදහස් උත්සවයේදි ජාතිය අමතමින් පැවැසීය.
" ආර්ථික සංවර්ධනය ඇති කිරිමට දේශපාලන නායකයින් ලෙස අපට නොහැකි වුණා. තවදුරටත් මන්දගාමී ආර්ථික වර්ධනයකට ජනතාව සූදානම් නෑ. ආර්ථික වර්ධනය සඳහ අධ්‍යාපනය 21 වැනි සියවසට ගැලපෙන ලෙස ස්ථාපිත කළ යුතුයි. නව ආර්ථික සංකල්ප ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි.;
ආර්ථික වර්ධනය අතින් 21 වැනි සියවසේදි ආසියාව ඉදිරියෙන් තිබෙන හෙයින් එහි වාසිය ඇති කර ගත යුතුයි. ජාතික ආණ්ඩුවෙන් බොහෝ දේ ලබාගත්තා. නොකළ යුතු දේ කළා. බලයට පත්වූ ආණ්ඩුව ජනතා අපේක්ෂාවෙන් ඉටු කළේ නෑ.
පාර්ලිමේන්තුව පිරිහිණා.පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළා. පිහි පෙන්නුවා. සමාජයේ පිරිහීම පාර්ලිමේන්තුවෙන් පෙන්වන බව ජනතාව සඳහන් කරනවා.
ණය බර විරැකියාව වැඩිවෙලා. ප්‍රශ්ණ මුහුකරා ගොස් තිබෙනවා. අපේ රටේ භාෂා තුනක් කථා කරනාව. ඒ සියලු දෙනාම එකම මනුස්සයින්.
යුද්ධයෙන් පසුව වඩා නිදහස්ව ජනතාව කටයුතු කළේ පසුගිය සිවුවරයේදීය්. අපි සිටින්නේ අලුවලින් වැසුණු ගිනි ගොඩකයි.
පළාත් සභා විසුරුවලා අවුරුද්දකට වැඩියි. පුනරාවන්තන හා ප්‍රාග්ධන වියදම් උඩුයිටිකුරැ කළ යුතුයි. පළාත් සභා කල් දැමීම ගැන Ngo නිහඪයි.
එක් මන්ත්‍රීවරයෙක් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කොතරම් සදාචාරක කියා මා කියනවා. යෝජිත ජාතික ආණ්ඩුවට මා තරයේ විරුද්ධයි. ඇමති මණ්ඩලය 25 දක්වා සීමා වීම ජනතාවගේ ප්‍රාර්ථනාවයි. ජාතික ආණ්ඩුවකට යන්නේ ඇමති මණ්ඩලය වැඩිකිරීමටයි.
ජනගහනයේන 50%ක් සාපේක්ෂ දරීද්රතාවයක ඉන්නේ. ආර්ථික ජවාරම්කරුවන් විසින් ශ්‍රි ලංකාව මත්කුඩු ජාවාරමේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත්කර තිබෙනවා.
පරිසර සංරක්ෂණය අපේ අත්පොත විය යුතුයි. දශක ගණනාවක් අප කර තිබෙන්නේ ඥාති සංග්‍රහය හා බඩ වඩා ගැනීමේ දේශපානලයි.
ස්වදේශිකත්වය සුරැකීමට මෙන්ම අපි ගෝලීයකරණ අභියෝග ජයගත යුතු වෙනවා. 2015 සිට අප සම්පූර්ණයෙන්ම භීෂණය ඉවත් කළා. එහෙත් දූෂණය ඉවත් කිරීමට අවංක දේශපාලනඥයින්ගේ සහාය අඩුවුණා.
ශ්‍රී ලංකාව සුහුරු ආර්ථිකයක් වෙත ගෙන යා යුතුයි. දේශපාලන ආරාජික භාවය පිටුදැකීමට පාර්ලිමේන්තු ශක්තිමත් කිරීමේ ක්‍රමයක් අවශ්‍යයි.
මත්කුඩු ජාවාරම, පාතාලය ඇතුළු කළු ආර්ථික කටයුතු අප පරාජය කළ යුතුයි. තරුණ පරපුර නවෝත්පාදනයට හුරුකරවිය යුතුයි.
අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කඩිනමින් කළ යුතුයි. එකම ධඡයක් යටතේ එකම දේශයක් යටතේ එකට ජීවත්වීමට අවශ්‍ය වටපිටාව ශක්තිමත් කළ යුතුයි."
popular news
ase Monday, 04 February 2019 10:04 AM
හිටන් , මෙන්න මෙය හීනෙන් හැගිටල හබෙඉ පරක්කු වැඩි , කාගේ අදහසද මේ ජාතික ආණ්ඩුව ??නිර්පාක්ෂික ජනාදිපති අනේ මගේ කට !! අපිට ගහන්න ඕනේ මඩු වලිගයෙන් .
Reply : 46 101
nirupa Monday, 04 February 2019 11:23 AM
දැන් බලනකොට ඔයාලට පෙනෙන්නේ මෙයාගේ වැරදි... ආණ්ඩුව හැදුවේ රනිල් එයට කට්ටිය ඕනි නිසා. දැන් හදන්නෙත් එකට ... මද ඉදන් බලන්න පුරුදුවෙන්න .මෙය රටට වැඩක් කරන්න හදන කොට ඉඩ දෙන්න,
Reply : 1 0
Lal Monday, 04 February 2019 11:56 AM
රටට ආදරයක්,හිතවත්කමක් නැති එජා පාක්ශිකයින් හැර රට වලපල්ලට යවන ඔය ආන්ඬුව සමග ජාතික ආන්ඬු පිහිටවනවට බහුතර ජනතාවත් විරුද්ධයි.
Reply : 1 0
athura Wednesday, 06 February 2019 10:22 AM
අනේ නිකන් යන්න මහත්මය යන්න.අපි එජාපෙ අපේ රටට අපි පන වගේ ආදරෙයි.
Reply : 0 0
mahinda Monday, 04 February 2019 01:45 PM
තනි ආණ්ඩුවක් ඉල්ලපු UNP එක දැන් මොකද දැනගලන්නේ ජාතික ආණ්ඩු ඉල්ලලා ?
Reply : 1 0
Deepal Nirosh Monday, 04 February 2019 03:48 PM
තීරණය නිවැරදියි, හැබැයි ක්‍රියාවට නැංවිය යුතුයි.කළ යුත්තේ මෙතෙක් අනුගමනය කළ පරිදි ශ්‍රීලනිප යෙන් ආණ්ඩුවට එක්වන පා.ම. අමාත්‍ය ධුර ලබා නො දීමේ ප්‍රතිපත්තියේ අචලව සිටීමයි.
Reply : 0 1
Champa Monday, 04 February 2019 06:28 PM
මේක තමයි දේශපාලකයන්ගේ හැමදාම ඇහෙන අදෝවැඩියාව. මේ රට විනාශ කලේ දේශපාලකයන් කියල සරල වචනයෙන්, තනි වාක්‍යකින් කියන්න තිබ්බ. මේ දේශපාලක set එකේ ගමන මේ භාග නිදහස් උත්සවයෙන් පස්සේ නවත්තන්න ඕනේ. කරලියේ ඉන්න දේශපාලකයෝ හෝ ඔවුන්ගේ සහෝදරයන් මිතුරන් මේ කාටවත් රට වෙනස් කරන්න බැහැ. ඒ හින්ද, නාහෙන් අඬන්නේ නැති, කිසිදාක දේශපාලනයේ නොසිටි, මොන විදිහකින්වත් රටේ පාලනට කලින් සම්බන්ධ නොවුණු, අලුත් දැක්මක් ගැන රටට කියන අලුත් මිනිහෙක්ට රට බාර දෙන්න දෙන්න ඕනේ.
Reply : 0 0
Champa Monday, 04 February 2019 06:32 PM
නිදහස් දිනය සමරන කොට (මට නම් මේ නාමික නිදහස සමරන එකේ කිසි ගතියක් නැහැ.) රටේ නායකයා තමන්ගේ රට ගැන කතා කරන්න ඕනේ අභිමානයෙන්. මිනිස්සුන්ට එපා වෙන කතාවක් නෙමෙයි මිනිස්සුන්ගේ හිත වල තමන්ගේ රට ජාතිය ආගම ගැන ආඩම්බරයක්, අලුත් ආදරයක් හිතෙන විදිහේ කතාවක් කරන්න ඕනේ. කරපු වැරදි ගැන කතා කරන එකේ කිසිම තේරුමක් නැහැ. කතා කරන්න ඕනේ ඉදිරියට කරන්න ඕනේ දේ. චික් විතරක්. කවුද දන්නේ නැහැ මේ කතාව ලියල දුන්නේ? කවුරු හරි තරහ කාරයෙක් කතාව ලියල දීල තියෙන්නේ.
Reply : 0 0
Kumar Tuesday, 05 February 2019 10:28 PM
ඔය 1වෙනි සිරිසේන රජතුමාගේ තීරණයද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd