ඉදිරි වසර හතර තුළ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය තුළ දැඩි වෙනසක් සිදු වන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය සියලු ක්‍රියාදාමයන් වඩාත් සාධනීය ලෙස වැඩි දියුණු කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවැසීය.
අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් සිදු වන යම් ප්‍රමාදයන් ඇත්නම් ඒවා කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන් අධිකරණ අමාත්‍යතුමා සඳහන් කළේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඊට හොදම උදාහරණය බවයි.
මීට මාස කිහිපයකට පෙර එම දෙපාර්තමේන්තුව තුළ රස පරීක්ෂක වාර්තා 8000 ක් පමණ ගොඩ ගැසී පැවති බවත්, අද වන විට ඒ සියල්ලෙහි වාර්තා ලබා දී අවසන් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ වන විට මසක් තුළ වාර්තාවක් නිකුත් කර අවසන් කළ හැකි ආකාරයේ කාර්යක්ෂමතාවයක් එම දෙපාර්තමේන්තුව තුළ පවතින බවත්, යුක්තිය පසිදලීම හා සම්බන්ධ වන සියලු ආයතන විධිමත් පරිදි කාර්යක්ෂම කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවත්, අධිකරණ අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.
ඉදිරි මාස කිහිපය තුළ නව නීති ප්‍රතිසංස්කරණ 10 ක් ඉදිරිපත් කරන බවත් ඊට අදාළව කමිටු කිහිපයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බවත් කමිටු දෙකක වාර්තා මේ වන විටත් ලබා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.