රට පුරාම රාජ්‍ය හා පෞද්ගලික අංශවලට නිපුණතාවෙන් හා දක්ෂතාවෙන් පිරි 'යකඩ මිනිසුන් පිරිසක්' පැමිණියහොත් රට බලගතු පෙරළියකට ලක්කළ හැකි බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
සිය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක 'පන්නරය' වැඩපිළිවෙළ එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (02දා) බත්තරමුල්ලේදී අමාත්‍යවරයා මේ බව කීවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ පන්නරය තමයි අමාත්‍යාංශ ලේකම්තුමා, සභාපතිතුමන්ලා ඇතුළු අපේ වෘත්තියවේදී කණ්ඩායම. එවැනි කණ්ඩායමක් සමාජය තුළින් මතුවෙලා රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් පරාර්ථය මුල් කරගත්, ඒ වෙනුවෙන්ම වැඩ කරන කුසලතාවෙන්, නිපුණතාවෙන් හෙබි වෘත්තීයවේදීන් පිරිසක් අපේ සමාජයේ සුක්කානම රැගෙන යන නායකයන් බවට පත් කිරීම, ශක්තිමත් ඔරොත්තු දෙන, කරුණාවෙන් මෛත්‍රියෙන් උපේක්ෂාවෙන් යුතු යකඩ මිනිසුන් පිරිසක් බිහි කිරීමයි අපේ අපේක්ෂාව. අතීත අපේ සුවිසල් ශිෂ්ටාචාරයේ උරුමයත් රැගෙන යෑම ඒ තුළ අරමුණ වෙනවා.
රට පුරාම රාජ්‍ය හා පෞද්ගලික අංශවලට යකඩ මිනිස්සු පිරිසක් අවොත් රට බලගතු පෙරළියකට ලක් වෙනවා. ඔදවත්, තෙදවත් රටක් බවට පත් කරන්න අපට පුළුවන් වෙනවා. නිපුණතාවෙන් පිරුණු විශාල පිරිසක් සමාජයේ සැඟවී සිටිනවා. ඔවුන්ට අවස්ථාව සලසාදීම තමයි අපේ කාර්යය" යැයි පැවසීය.
විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සාර්ථකත්වයක් ලබා ඇති ව්‍යවසායකයන්ට සහ දක්ෂතා දැක්වූ පුද්ගලයන් 10 දෙනෙකුට සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීහු සහභාගි වූහ.