නීතිපතිවරයා විසින් 2019 වසර තුළ අපරාධ නඩු 16,647ක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.
මේ අතර දිවයිනේ මහාධිකරණවලට අධිචෝදනා පත්ර 9,851ක් මෙම වසර තුළ යොමු කර ඇති බවත් මහේස්ත්රාත් අධිකරණවල නඩු කටයුතු පැවරීම සඳහා පොලිස්ථානවලට නඩු 3,568ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ.