Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 06 වන සඳුදා
2025 ජනවාරි මස 06 වන සඳුදා
රට රැක්ක රට රකින කඳවුර ගෝඨාභය රාජපක්ෂගේ කඳවුර බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පැවසිය .
මාතර දි පැවති ජන හමුවකදි ඔහු මේ බව පැවසිය .
එහිදි අදහස් පළකල ඒ මහතා ,
‘‘නොවැමිබර් 16 තමුන්නාන්සෙලා ඡන්ද පොළට යන්නේ පුද්ගලයෙක් දිනවන්න නෙමෙයි , අරමුණක් දිනවන්න , රටක් දිනවන්න . මෙතැන තියෙන්නෙ කඳවුරු දෙකයි එකක් පුතානෝගේ කඳවුර . ඒ කඳවුරේ ඉන්නවා අන්තවාදියෝ රෝත්තම. අනුහත් වතාවක් බුද්ධි අංශ අනතුරු අඟවද්දි සහරාන්ගේ ත්රස්තවාදය මට්ටු නොකරපු රොත්ත ඉන්නේ එතන . දැන් බලන්න මේ ආණ්ඩුව අන්තවාදින් පෝෂණය කරපු එකෙන් මුස්ලිම්වරුන්ට අන්තවාදි ලේබල් එක එල්ලූනා . හැම මුස්ලිම් කෙනෙක්ම අන්තවාදියෙක් නෙමෙයි . එහෙනම් ඒ අන්තවාදි ලේබල් එක ගලවන්න පුළුවන් අන්තවාදය මට්ටු කරපු ගෝඨාභය රාජපක්ෂට පමණයි . දෙයිහාමුදුරුවනේ මහා දවල් මහා බැංකුව හොරාකාපු හොර රැළ එකට ඉන්නවා . පුතානෝගේ දකුණු අත පැත්තෙන් ඉන්නවා රවි කරුණානායකයානෝ. වම්අත පැත්තෙන් ඉන්නවා රනිල් වික්රමසිංහයානෝ . ඊගාවට කබිර් හෂිර්යානෝ. සුජිව සේරසිංහයානෝ මේ හොරු රැළට කවුද ඡන්දය දෙන්නේ.
ඒ කඳවුරට ප්රතිවිරුද්ධව එක කඳවුරයි තියෙන්නේ . ඒ රට රකින කඳවුර . රට රැකක කඳවුර මවුබිමට පනදිපු කඳවුර ගෝඨාභය මහින්ද සුසංයෝගයෙන් හදන අපේ කඳවුර . දැන් පුතානෝ බදුබර වැඩියි කියලා දන්නෙ ඊයේ පෙරේදා එතකල් නිදාගෙන ඉදලා තියෙන්නේ . මෙහෙ ඉන්න පිංසිරි තමයි ඔය බදු වැඩි කරන යෝජනා ගෙන්නේ . පිංසිරි ගේනවා පුතානෝ අත උස්සනවා . දැන් පුතානෝට එක පාරට මතක් වෙලා බදුබර වැඩියි කියලා . දැන් බස්සන හැටි කියනවා . අනිත් පැත්තෙන් රණවිරුගායට බේත් දෙනවලූ . රණවිරුවෝ නිසා නෙමෙයිද යුද්ධය දිනුවේ. බයක් සැකක් නැතුව ජිවත් වෙන්න ලැබුණේ . දෙයිහාමුදුරුවනේ ඒ රණවිරුගායට බේත් දෙන්න හදනවා . රණවිරුන්ට බේත් දෙන්න හදනවා සහරාන්ලට විටමින් දෙනවා . මේ රටේ සිංහල , මුස්ලිම් , දෙමළ සියලූ ජාතින් ඉල්ලන්නේ කොයි මුහුණුවරින් ආවත් අන්තවාදය පරද්දලා මේ පොළවට සාමය ගෙන එන්න පුළුවන් පාලකයෙක් . මේ රට ඉල්ලන්නේ ඒ වෙනින් කවුරුත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ පමණයි ’’ යැයි විරවංශ මහතා වැඩිදුරටත් පැවසිය.
මාතර - මහේෂ් මලවරආරච්චි
popular news
හොරු බහුල රටේ Friday, 01 November 2019 05:28 AM
මෙරටේ වැඩි හරියක් ඉන්නේ හොරු, කොමිස් කාරයෝ, පග කාරයෝ, ඒජන්තයෝ. ගෝඨාභය වටේ ඉන්නතරමක් ඉන්නේ මහුඉන්ද වටේ හිටිය හොර හතිකරේම තම. උපතාපල් කන්තෝරුවක් තිබුන එක ඇමති වෙලා අවුරුදු කීපයකින් රටේ ප්රදාන business කරන මිනිසුන්ට පොලියට සල්ලි දෙන්න පුළුවන් වෙන්නේ කොහොමද, කෝච්චියේ මල කඩපු එකෙක් බලවත් ඇමතියෙක් වෙන්නේ, විදේශිකයන් ගේ කොටස් හොර ට විකුණා ගන්නේ පස්සේ පිළිඅරගෙන දිවුරුම් ප්රකාශ දෙන්නේ, මෝටර් බයිසිකලෙන් ගිය sales agent කෙනෙක් ඇමති වුනාට පස්සේ පිටරටවල බංගලා ගන්නේ, එකෙකුට ටෙන් ප්රසන්ට් නමක් වැටෙන්නේ , අයිතිකාරයෝ නැති මාලිගා තියෙන්නේ, නිකම්ම නිකන් වාරයේ සබපතියෙක් කෝටිපතියෙක් වෙන්නේ, ... ඉතින් බන් හොරු බහුල රටේ හොරු පත්කරගන්නෙම උදවු කලොත් අහකබලාගෙන ඉන්න ඊටත් වට පට්ට හොරෙක් තම රටේ නායකයා කරගන්න. එතකොට හොරකම් රටේ ප්රදාන රැකියාව වෙනවා. කුඩා නමක් තිබුන කීර්තිමත් රාජ්ය සේවකයන් ව හොරු බවට පත් කලේ වසර 10 ක් වැනි කෙටි කාලෙකින්.
Reply : 1 4
pala Friday, 01 November 2019 05:46 AM
රටට තිටෙන ප්රදාන වින්නැහියක් තමෛ මේ වගේ පුද්ගලයෝ.සතේ අතේ නැතිව දේශපාලනේට ඇවිල්ල අද කෝටිපතියෝ .ඔබල ගෝඨා ඉල්ලන්නේ සැප ගන්න නඩුවලින් බේරෙන්න .ඔබලාගේ පුද්ගලයා ඔහු උනාට රටේ මිනිසුන් බුද්දිමත් බව වටහාගන්න .
Reply : 1 3
Champa Friday, 01 November 2019 09:25 AM
ගෝඨාභයගේ කඳවුර? ඒ මොකක්ද? එහෙම කඳවුරක් නැහැ. තියෙන්නේ මහින්ද රාජපක්ෂ කඳවුර විතරයි. රට රකින කඳවුර මහින්දගේ කඳවුර. ගෝඨාභයගේ කඳවුර බැසිල්ගේ ඇමරිකන් සහ ඉන්දියන් ගැති කඳවුර. ඔච්චර ඉක්මනට අතීතය අමතක වෙච්ච විමල් වීරවංශ ගැන ලැජ්ජයි. මේ කතාවත් නලින් ද සිල්වා කියපු කතාව, ඒ කියන්නේ ගෝඨාභය දින්නම හදන්න ඕනේ ගෝඨාභයගේ ආණ්ඩුවක් මිසක් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් නෙමෙයි කිව්වා. මේක අන්තිම ගුණමකු කතාවක්. පත්තරකාරයන්ගේ භාෂාවෙන් කියනවා නම් තමන්ගේ කුහක බව ප්රදර්ශනය කිරීමක්. නලින් මේ කියන්නේ දිනන්නත් ඉස්සෙල්ල. විමල් මහින්දගේ කඳවුර ගෝඨාභයගේ කඳවුර කියල වෙනස් කරපු එකෙන් පේන්නේ විමලුත් නලින් ද සිල්වා කියපු කතාව අනුමත කරන බවයි. හොඳට දුර පෙනේනේ විමල්ට පේනවා ගෝඨාභය දින්නට පස්සේ හැමෝම වට වෙන්නේ බලය තියෙන්නේ ගෝඨාභයට මිසක් මහින්දට නෙමෙයි කියල. මහින්දවමේ චන්දෙදි පාවිච්චි කරලා පැත්තකට කරනවා. මම මේක දහස් වතාවක් කියල ඇති මීට ඉස්සෙල්ල. විමලුත් මෙහෙම නම් අනිත් මිනිස්සු ගැන මොන කතාද? අන්තිමට මහින්දට ඉතුරු වෙන්නේ මම විතරක් වෙන්නත් පුළුවන්. මම විවේචනය කරන කොට මහින්දව නිර්දය විදිහට විවේචනය කරලා තියෙනවා. හැබැයි අතාරින්නෙ නැහැ
Reply : 0 1
Champa Friday, 01 November 2019 03:07 PM
මොන බොරුද? ගෝඨාභයට ඇති ඉල්ලුමක් නැහැ. චන්ද තියෙන්නේ මහින්දට. මම මිනිස්සු සීයකට විතර කතා කරලා තියෙනවා මේ ටිකට. අ අතරින් 6 දෙනෙක් විතරයි කිව්වේ කෙලින්ම ගෝඨාභයට චන්දෙ දෙනවා කියලා. වැඩි දෙනෙක් කිව්වා තවම තීරණය කරලා නැහැ කියල. එක්කෙනක් කිව්වා අනුරට කියල. තව කෙනෙක් කිව්වා මහේෂ්ට කියල. අනිත් මිනිස්සු ඔක්කොම කිව්වේ ගෝඨාභයට චන්දෙ දෙන්නේ මහින්ද මහත්තය වෙනුවෙන් කියලා. මට හම්බන්තොට මිනිහෙකුත් හම්බ වුන. හම්බන්තොට කියල දැන ගත්තේ ඒ දවසේ අව්ව හුගක් සැරට තිබ්බ නිසා අව්ව සැරයි නේද කියල හැව්වම ඒ මනුස්සය කිව්වා අපිට නම් අව්ව පුරුදුයි අපි හම්බන්තොට, අගෝස්තු මාසේ අකලට වැහැපු නිසා ගොයම් ටික ඔක්කොම හේදිලා ගියා කියලා. චන්දෙ ගැන හැව්වම කිව්වා හම්බන්තොට මහින්ද මහත්තයට තමයි කියල. මං කිව්වා මහින්ද මහත්තය ඉල්ලන්නේ නැහැනේ කියල. එතකොට කිව්වා අපි ඉතින් මහින්ද මහත්තයට තමයි කියල. වැදගත්ම දේ තමයි මම කතා කරපු විනාඩි 10 ටම ඒ මනුස්සය ගෝඨාභයගේ නම එක පාරක්වත් කිව්වේ නැහැ. කැම්පස් යන ළමයෙක් කිව්වා 35ටම කතිරේ ගහනව කියල. ඒ එක්ක හිටපු අනිත් ළමය කිව්වා ඔක්කොම එකයි. චන්දෙ දීල වැඩක් නැහැ කියල. මේක තමයි ඇත්ත ස්වරූපය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd