කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ දංඹ්විට හෝටලයක් අසළ දමාගිය බවට සැකකෙරෙන දියණියකගේ දෙමාපියන් සොයා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලයි.
උදෑසන සේවය සඳහා පැමිණෙන කාන්තාවක් අසළට පැමිණි ඇති මෙම දියණිය තම මව සොයා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වෙතත් විපරම් කිරිමෙන් පසුව කිසිවෙකුත් හමු නොවීම හේතුවෙන් ඇය විසින් දරුවා පොලීසියට භාර දී තිබේ.
පසුව පොලිසිය විසින් දැරිය වරාකාපොළ මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර එහිදී දැරිය යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවට තහවුරු කරගෙන තිබේ.
දියණිය පිළිබඳව හෝ ඇයගේ ඥාතීන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් 035226722 හා 0352267967 අංක අමතන ලෙස වරකාපොල පොලීසිය ඉල්ලීමක් කරයි.
වරකාපොළ රංගන රුවන්