මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට අද (26දා) දිනය දක්වා දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 212 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දුම්රිය ආරක්ෂක අංශය පවසයි.
රථවාහන රියදුරන්ගේ වරදින් අනතුරු වැඩි ප්‍රමාණය සිදුව ඇති බවත්, දුම්රිය මාර්ගය තිබෙන්නේ දුම්රිය ධාවනයට පමණක් බවත් ආරක්ෂක අංශයේ අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා %අද^ කළ විමසීමකදී සඳහන් කළේය.
එසේම මේ වසරේ පළමු මාස 06ක කාලය තුළදී දුම්රියේ ගැටීමෙන් වනඅලින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය වසරේ (2018) සමස්ත කාලය තුළදී දුම්රියේ ගැටීමෙන් වනඅලින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය පුද්ගලයන්ගේ ප්‍රමාණය පන්සියයකට අධිකය.