දේශපාලන විරුද්ධවාදීන් විසින් තමන්ට මඩ ගැසීමට අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත්, එවැනි අසත්‍ය ප්‍රචාර පළ කළ මාධ්‍යයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
තමන් මාස 7-8ක කාලයක පටන් කුලියාපිටිය නිවසේ නොසිටි බවත්, එහි නඩත්තු කටයුතු වෙනුවෙන් වැඩ කළ අයගේ පහසුව පිණිස අසල්වැසි නිවැසියෙකුට නිවසේ යතුර භාර දී තිබූ බවත්, එම පුද්ගලයා විසින් මෙලෙස නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම නිසා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
පෙරේදා (04) සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීම සඳහා තමන්ව පොලීසියට කඳවූ බවත්, කට උත්තරය ලබා දී තමන් පිටව ආ බවත් ඒ මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මහතා අද දින විපක්ෂනායක කාර්යාලයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ තමා නිවස බලා ගැනීමට මුරකරුවෙකුට ලබාදී ඇති බවත් මුරකරු විසින් මත්පැන් පානය කර ළඟ තබාගෙන ඇති බවට තමාට දැන ගැනීමට ලැබුණු අතර සමඟි ජන බලවේගයට විරුද්ධව මත දරන වෙබ් අඩවි හා මුහුණු පොත මඟින් තමා නීතිවිරෝධී මත්පැන්ගාරයක් පවත්වාගෙන ගිය බවට හුවා දැක්වීමට කටයුතු කරන බවයි.
ඔහු තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ එම වෙබ් අඩවිවලට විරුද්ධව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.