මා ඔයේ ඉවුරු කපා වැලි ජාවාරම් සිදුකරන පුද්ගලයින් කොටුකරගැ නිම සඳහා ඊයේ 20 දවස පුරා මා ඔයේ 25 දෙනෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද මෙහෙයුමකදී ඉවුරු අසල ලඳු කැලෑ තුළ සඟවා තිබූ බෝට්ටු 06 ක් සොයා ගැනිමට හැකිවූ බව පන්නල පොලීසිය පවසයි.
මෙම මෙහයුමේදී විලගෙදර ප්රදේශයෙන් බෝට්ටු 04ක් සහ බොකුමුල්ලෙන් බෝට්ටු 02ක් මා ඔය අසල සඟවා තිබියෙදී සොයා ගත් බව පන්නල පොලීසිය පවසයි.
එම ප්රදේශ හරහා ගලා බසිනා මා ඔයේ ගොඩ දැමීම සඳහා ප්රමාණවත් වැලි නොමැති නිසා ජාවාරම්කරුවන් ඉවුරු කපා වැලි අලෙවි කිරීමට පුරු දු වී ඇති බවද පොලීසිය කියයි.
මෙහිදී අත්අඩංගුවට ගත් බෝට්ටු 06 සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු පොලීසිය විසින් සිදුකෙරේ.
කුලියාපිටිය කොට්ඨාසභාර පොලිස් අධිකාරී ඕෂාන් හේවාවිතරණ සහකාර පොලිස් අධිකාරී නිමල් බංණ්ඩාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත පන්නල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක පී කුමාරදාස මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් සහ කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් ස්ථානවල නිලධාරීන් කණ්ඩායමක් මෙම මෙහෙයුමට සහභාගි වූහ.