මී උණ බවට සැකපිට මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ රෝගීන් විසිහතර දෙනෙකු අතුරෙන් රෝගීන් දොළොස් දෙනෙකුට මී උණ ඇති බවට තහවුරු වී තිබෙන බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි .
රෝහලට ඇතුළත් කළ මී උණ රෝගීන් දෙදෙනෙකු මරණයට පත්ව තිබෙන බවත් ඔවුන් තරුණ වයසේ පසුවන්නන් බවත් ඒ මහතා පැවසීය.
වෛද්‍ය අධ්‍යක්ෂක වරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (24) මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ රෝගයට ගොදුරු වන පිරිසෙන් සියයට අනුවක් පමණ නිසි ප්‍රතිකාර ලබා දීමෙන් සුවකළ හැකි බවත් වැඩි පිරිසක් මරණයට පත් වන්නේ රෝග ලක්ෂණ තිබියදී එය නොසලකා හැරීමෙන් බවත් බැක්ටීරියාව ශරීරගත වී දින දෙකක් දාහතරත් අතර කාලයේ දී රෝග ලක්ෂණ මතුවන බවත් උණ සහ කෙන්ඩාවල තදබල වේදනාව සමග අධික හිසරදය ඇස් කහ මුත්‍රා වල වල වර්ණය වෙනස් වීම ආදී රෝග ලක්ෂණ මතු වන බවත් වෛද්‍යවරයා පවසයි .
රෝගයට ගොදුරු වූවන් කඩිනමින් ප්‍රතිකාර වලට යොමුනොවීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත් ව විවිධ සංකූලතා සහිතව රෝහලට පැමිණෙන බවත් එම අවස්ථාවල ඔවුන් දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කොට ප්‍රතිකාර කිරීමට සිදුවන බවත් වෛද්‍යවරයා පවසයි .
කොවිඩ් -19 ප්‍රශ්නත් සමඟ නිවෙස් වලට වී සිටි ජනතාව ගොවිතැන් කටයුතු වල නිරත වීමට වැඩි නැඹුරුවක් පසුගිය කාලයේ ඇති වූ බවත් පුරන් කුඹුරුඅස්වැද්ද වීම වැනි කටයුතු වලට යොමුවීමේදී මී උණ රෝගයෙන් ආරක්ෂා වීමට වග බලා ගැනීම ඉතා වැදගත් බවත් එවැනි කටයුතු වලට යොමු වීමට පෙරඩොක්සිසයික්ලින් (doxycycline) ප්‍රතිජීවක ඖෂධය වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම මගින් මී උණ රෝගයෙන් වැළකීමට බොහෝ දුරට හැකියාව තිබෙන බව එම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටී මහ නුවර ජාතික රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්. කේ. එස්. කුලරත්න මහතා පැවැසීය.
මී උණ රෝගයෙන් රෝගීන් බහුලව වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බවත් ගාල්ල දිස්ත්රික්කයඑහි දෙවන ස්ථානයේ පසුවන බවත් අනිකුත් දිස්ත්‍රික්ක වලින් ද රෝගීන් වාර්තා වෙමින් පවතින බවත් එම මාධ්‍ය සාකච්ඡාවේ දී අනාවරණය විය.