මේ අවස්ථාවේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු නොවී මහජනතාවට අවශ්‍ය සේවා කාර්යක්ෂම ලෙස සපයා දෙන ලෙස ඉල්ලීම් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රා දේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු කාර්ය මණ්ඩලයද, ග්‍රාම නිලධාරී හා සියලුම කාණ්ඩවල සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් ආවරණය වන ආකාරයට එන්නත් ලබා දීමට මීළග අදියරේදී ප්‍රමුඛතාව ලබාදෙන ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ වන විටත් ඉල්ලීම් කර තිබෙන බවද ලේකම්වරයා පවසයි.
මේ පිළිබඳව ජනපති, අගමැති, ජනපති ලේකම් මෙන්ම ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් විරතුංග මහතාගේ දැඩි අවධානය මේ වන විටත් යොමුව ඇති බවත් ලැබි ඇත එන්නත් වලින් ප්‍රමුඛතාවය ලබා දෙමින් ඉහත නිලධාරීන් සියලු දෙනාම ආවරණය වන පරිදි එන්නත් කරණය සිදුකරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.