ජනතාවට අලෙවි කිරීමට තබා තිබෙනා මෝටර රථ, ඉඩම්, නිවාසවල මිල සටහන් කිරීම අනිවාර්ය බවත්, මීට අමතරව නිවාස, මෝටර් රථ අලෙවි කිරීම සම්බන්ධයෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල පළකරන දැන්වීම්වලද අදාළ මෝටර් රථ නිවාසවල මිල ගණන් සඳහන් කළයුතු බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
මෝටර් රථ අලෙවි කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට තබා තිබෙනා ස්ථානවල අදාළ රථයේ මිල සඳහන් කර නොතිබීම නිසා සහ නිවාස, ඉඩම් අලෙවි කිරීමේදී ඒවායේ මිල ගණන් මුල් අවස්ථාවේදී දැනගැනීමට නොහැකි වීම හේතුවෙන් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බවට පැමිණිලි ලැබීම නිසා මෙම තීරණය ගත් බවද එම අධිකාරියේ සභාපති රූම් මාර්ෂුක් මහතා සඳහන් කළේය.
මීට අමතරව තැරැව්කරුවන් විසින් පාරිභෝගිකයන් නොමග යවමින් මෝටර් රථ, නිවාස අලෙවි කිරීමට යාම නිසා ජනතාව අසීරුතාවයට පත්වන බවටද පැමිණිලි ලැබී තිබෙන බැවින් මෙලෙස විකිණීමට තිබෙන මෝටර් රථ, නිවාස, ඉඩම් ආදියෙහි මිල ගණන් සටහන් කිරීම සිදුකළ යුතුයැයි පවසා සිටියේය.
මේ පිළිබඳව ගැසට් පත්‍රයක්ද නිකුත් කර තිබෙන බවත්, ඒ අනුව අදාළ නීති ක්‍රියාත්මක කරනවාද යන්න සොයා බැලීම සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.