මීගමුව මහ රෝහලේ අවධානමකට ලක්ව ඇති මහල් හතකින් සමන්වික ප්‍රධාන ගොඩනැලිල්ලෙන් ප්‍රතිකාර ලබන රෝගීන් වහාම ඉවත්කිරීමට අදාල අංශ වෙත සෞඛය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් දී ඇත.
ඒ අනුව අද(30) සහ හෙට (31) දිනයන්හි එම ගොඩනැගිල්ලේ සිටින රෝගීන් එම රෝහලේම වෙනත් ගොඩනැගිලි වලට සහ ආසන්නතම රෝහල් වෙත යොමුකිරීමට නියමිතය. එමෙන්ම චර්ම රෝග, මානසික, හදිසි ප්‍රතිකාර, හා රක්තවේද, ආදී අංශ පහක් ප්‍රදේශයේ වෙනත් රෝහල්වල පිහිටුවීමටද තීරණය කර ඇති අතර බාහිර රෝගී අංශයද වෙනත් ස්ථානයකට ගෙව යාමට සුදානම්කර ඇත. දැඩිසත්කාර ඒකකයක් වෙනත් ගොඩනැගිල්ලක තාවතාලිකව පිහිටුවීමටද අවධානය යොමුව තිබෙ. මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් දසලක්ෂ හැත්තැවක මුදලක් ලබදීමටද රාජිත අමාත්‍යවරයා එකඟතාවය ඵලකර තිබේ.