මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව ශ්‍රී ලංකාව දේශීය ආකෘතියක් තුළ කටයුතු කරන බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
අද (17දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එකම ගැටලුවකට විසඳුම් කිහිපයක් තිබිය හැකි බවත්, බටහිර රටවල් ඉදිරිපත් කරන ක්‍රමයට අනුවම විසඳුම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් නොමැති බවත්, සුදුසු ක්‍රමයක් අනුගමනය කරමින් එය සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.