මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය මෙම මස නිම වන්නට පෙර ගෙන්වා අවසන් කරන ලෙස රජයේ පොහොර සමාගම් සඳහා උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
නොච්චියාගම පැවැති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මෙම මස 26දා යුරියා මෙ.ටො.30,000ක් රැගත් නැවක් ලංකාවට එනවා. ඉන් පසු මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය සම්පූර්ණ වෙනවා.
වී වගාව සඳහා පොහොර මෙ.ටො.229,526ක ප්‍රමාණයක් මෙවර මහ කන්නයට අවශ්‍ය වන බවට අපට වාර්තා වී තියෙනවා. මහ කන්නයේ වී හෙක්ටයාර 787,259ක පමණ භූමි ප්‍රමාණයක වගා කරනු ඇතැයි අපි ගණන් බලා තිබෙනවා.
මහ කන්නයේ දී වී වගාව සඳහා යුරියා මෙ.ටො.148,162.9ක් ද, ත්‍රිපල් සුපර් පොස්පෙට් මෙ.ටො.36,530ක් සහ MOP මෙ.ටො.44,833ක් මේ වන විට ආනයනය කර තිබෙනවා. මහ කන්නය වෙනුවෙන් රජයේ පොහොර සමාගම් වන කොමර්ෂල් පොහොර සමාගම සඳහා 40%ක් ද, ලක් පොහොර සමාගම සඳහා60%ක් ද පොහොර ආනයනය සඳහා අවසර හිමිව තිබෙනවා”
මෙවර රුසියාව, වියට්නාමය හා චීනය නිෂ්පාදනය කරනු ලබන ගුණාත්මක බවින් යුතු පොහොර ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බවත්, පෙර කන්නවල දී නිසි වේලාවට පොහොර නොලැබීම නිසා ගොවීන් අපහසුතාවයන්ට ලක් වුවද මේ වසරේ දී ගොවීන්ට නිසි වේලාවට පොහොර ලබාදීමට තමන් කටයුතු කරන බව වැඩිදුරටත් කීය.