මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර වර්ග 04ක් නිර්දේශ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.
ඉන් පොහොර වර්ග 02ක් මෙරට නිෂ්පාදනය කිරීමට අවධානය යොමු වී ඇති බවත්, අනෙක්පොහොර වර්ග 02 ආනයනය කිරීමටත් කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පවසා සිටියේය.
ආනයනය කරන පොහොර කාබනික පොහොර පමණක් වන බවත්, එය ජාත්‍යන්තර ලංසු කැඳවීමත් හරහා සිදු න බවත් මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.