ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිසා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපකෂ මහතාට දංගෙඩියට යාම වැළකුණ බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජාතික සේවක සංගමය සංවිධානය කළ පිළිගැනීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"ජාත්‍යන්තර පරීක්ෂණය, දේශීය පරීක්ෂණකට ගෙන ආ හැකි නායකයින් දෙපළක් මේ රටට ලැබීම අප සියලු දෙනාගේම වාසනාවක්. එහෙම නොවුණා නම් අද දංගෙඩියට යනවා කියලා කෑගහපු අයගේ නම්වලට තියෙන්න තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ, සමහර වෙලාවට සරත් ෆොන්සේකා මහත්තයාගේ, කරන්නාගොඩ මහත්තයාගේ වගේ නම් ටිකක්. මහින්ද මහත්තයලා, ගෝඨාභය රාජපක්ෂලා බේරගෙන තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි කියන එක අමතක කරන්න එපා. අද අපි ජාත්‍යන්තරයේ මිතුරන් බවට පත්වෙලා තියෙනවා"