මධ්‍ය කදුකරයට ඇද හැලෙන වැසි නිසා ජලාශ 05 ක වාන් දොරටු විවෘත කර තිබෙන බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව කැළණි ගඟේ කිතුල්ගල හා නෝර්වුඩ් ප්‍ර‘දේශ වලදී ජල මට්ටමේ වැඩිවීමක් සිදුවෙමින් තිබෙන බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මහවැලි ගඟේ නාවලපිටිය ප්‍ර‘දේශයෙන් ජල මට්ටමේ වැඩිවීමක් පවතින බවද පවසා සිටියේය.
ගංඟාවල ජල මට්ටම ඉහළයාම පිලිබඳව හා කදු නායයාම පිලිබඳව ජනතාව අවදානයකින් කටයුතු කරන ලෙසත් යම් ආපදා තත්ත්වයක් පවතිනවා නම් ඒ පිලිබඳව 117 දුරකථන අංකයට දැනුම්දෙන ලෙසද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ලක්ෂපාන, කැනියන්, නෝර්ට්බ්රිච්, මාවුස්සාකැලේ හා ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙන බවද කියා සිටියේය.